අසහනකාරී ත්‍රිරෝද රථ රියදුරුට තරුණියකගෙන් රිදෙන පාඩමක්

0
833

අද උදේ මම අපේ අම්මා ආපිකෝ එකේ බඩු අරන් එනකං කාර්පාක් එකේ වාහනේ නවත්ගෙන හිටියා. මම දැක්කා එක මිනිහෙක් ටිකක් අමුතු විදිහට හැසිරෙනවා. ඒත් මං ලොකුවට හිතුවේ නැහැ මොකද මම හිටියේ ආපිකෝ එකේ පාකින්ග් එකේ නිසා. ඒත් මම වැරදි. මගේ වාහනයට එහා පැත්තේ නවත්තලා තිබුන වාහනය ගත්තහම මේ මනුස්සයා එයාගේ ත්‍රිවිල් එක ගෙනත් මගේ කාර් එකට එහායින් නැවැත්තුවා. මම මගේ ෆෝන් එක ඔබාගෙන හිටපු නිසා හොරෙන් වගේ ඔහු දිහා බැලුවේ. වුනේ මොකක්ද කියලා මං කියන්න ඕනේ නැහැ.

වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට ඒක තේරුම් ගන්න පුළුවන්. මුලින් මං හිතුවේ මං ඒක නොසලකා හිටියොත් ඒ මනුස්සයා යයි කියලා. ඒත් අයි කාන්තාවන් වන අපිම හැමවෙලේම පසුබසින්නේ ? මම එවලේම මගේ වාහනේ සවිකරලා තිබුණු කැමරාව අරුගේ පැත්තට හරවලා රෙකෝඩ් කරගත්තා. ඔහු එම සිද්ධිය දැක්ක ගමන් එකපාරටම එතනින් පිටව ගියා. මම එවෙලම අදාළ පුද්ගලයාගේ වාහනේ අංකය අරන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. “ ඔයාලා මෙහෙම ඇඳගෙන යන නිසයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ “ කියලා කියන අයට මේක හොඳ පාඩමක් වෙයි. අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට චෝදනා කරන එකෙන් බැහැර වෙන්න.

ඔයාලටම පේනවා මම හිටියේ වාහනේ ඇතුලේ. මං සංවර විදිහට ඇඳගෙන හිටියේ. මම මේක බලාපොරොත්තු වුනේ නැහැ. මම නෙවෙයි කිසිම කාන්තාවක් මෙවැනි සිද්ධියක් බලාපොරොත්තු වන්නේ නැහැ. මේ පාර මේ මිනිහා වැරදි කාන්තාව තමන්ගේ ගොදුර බවට පත්කරගැනීමට උත්සහ කරේ. කැමරාවක් වාහනේ සවිකරගෙන ගියපු කාන්තාවකටයි මෙදා පාර ඔහු ගොදුර කරගත්තේ. බොහෝ වෙලාවට අපේ කාන්තාවන් මේ සිද්ධි නිසා පොලිසියට යන්න බය වෙනවා. පැකිලෙනවා. මෙවැනි දෑ නොසලකා හරින්න එපා. කුමක් හරි කරන්න. හැමවෙලේම ඔබේ දුරකථනය අතේ තියාගෙන මෙවැනි සිදුවීමක් සිදුවෙනකොට රෙකෝඩ් කරන්න. ඒක පොලිසියට බාර දෙන්නේ. නැත්තම් අන්තර්ජාලයට මුදාහරින්න

https://www.facebook.com/rosita.fernando.5/videos/10155658269312177/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here