වරාය සේවකයන්ට අවි පෙන්වා පහර දුන්නැයි රවිට තවත් නඩුවක්

0
718

පසුගිය රජය සමයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක පරිශ්‍රය වෙත බලහත්කාරයෙන් ඇතුළු වී වරාය සේවකයන්ට අවි පෙන්වා පහරදී අනර්ථයක් සිදුකළා යැයි කියන සිද්ධියකට අදාළව පොලිසිය පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් කොටුව
මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා

විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් ඊයේ (23දා) නිකුත් කළාය.

2014 වසරේ ඔක්තෝබර් 21 වැනිදා සිද්ධිය වී ඇති අතර රවි කරුණානායක මහතා ඇතුළු පිරිසට පොලිසිය මඟින් චෝදනා ගොනුකර තිබේ. නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගම් පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළුවීම සහ වරාය සේවකයන්ට අවි පෙන්වා බිය ගන්වමින් පහරදී අනර්ථයක් සිදු කිරීම එම චෝදනාය.

වරායේ ‍ෙදාඹකර ක්‍රියාකරුවකු විසින් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් එම පිරිසට එරෙහිව නඩු පවරා ඇත.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර, ආර්. යෝගරාජන්, උදේනි කළුතන්ත්‍රි, ජී.වයි. රූපසිංහ යන පිරිස සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් ලෙස නම් කොට තිබේ.

එම පිරිස බලහත්කාරයෙන් ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක පරිශ්‍රය වෙත ඇතුළු වී ඇත්තේ වරාය සේවකයන් විසින් වරාය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව සහිත කටවුට් සාදන බවට ලැබුණු තොරතුරක් මතය.
නඩුව පෙබරවාරි 26 වැනිදා කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here