Monday, September 23, 2024

මොන බාධා ආවත් නව ව්‍යවස්ථාව‍ ගේනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවදුරටත් හැකියාව පවතින බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය  ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට නොවැම්බර් පළමු සතිය තුළ ජනාධිපතිවරයා හමුවීමට ආරාධනා කර ඇති බවයි.
බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර කුමන බාධා එල්ල වුවද නව ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ගෙන එන බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී  ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට සූදානමක් නොමැති බවයි.
මේ අතර ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles