කුකුල් මස් කිලෝව රු.1500 හා බිත්තරයක් රු. 45 දක්වා ඉහළට?

0
946

සත්ව ආහාර මිල විශාල වශයෙන් ඉහළ යෑම නිසා කුකුළු මස් කිලෝවක මිල ලබන ජුනි මාසය වනවිට රුපියල් 1500ක් දක්වාද බිත්තරයක මිල රුපියල් 45ක් දක්වාද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පැවැසීය.

සත්ව ආහාර මිල සහ අනෙකුත් වියදම් ඉහළ යෑම නිසා කුඩා හා මධ්‍ය සත්ත්ව නිෂ්පාදන ව්‍යාපාරිකයො එම ව්‍යාපාර කටයුතුවලින් ඈත්වෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ තත්වය දිගටම පැවතුණහොත් මහ පරිමාණ ව්‍යාපාරිකයින් කිහිප දෙනකු පමණක් රටේ ඉතිරි වනු ඇති බවත් ඒ හරහා ඒකාධිකාරියක් නිර්මාණයවීමෙන් සත්ත්ව නිෂ්පාදන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය ජනවාරි මාසයේදී රුපියල් 98,000 ක පමණ මිලකට පැවති සත්ව ආහාර ටොන් එකක මිල මේවනවිට රුපියල් දෙලක්ෂ හැත්තෑ අට දහසක් දක්වා තුන් ගුණයකින් පමණ වැඩිවී ඇතැයිද සඳහන් කළේය.

සත්ව ආහාර හිඟය නිසා කිරි නිෂ්පාදනයද සියයට 30කින් පමණ අඩුවී ඇතැයි මංජුල සුමිත් මාගමගේ මහතා පැවසීය. සත්ව ආහාර ගෙන්වීම සඳහා වසරක කාලයක් සඳහා රජයට දැරීමට සිදුවන මුදල රුපියල් කෝටි තුන්සියයකට අධිකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here