“A/L ප්‍රමිතියේ වෙනසක් නෑ” – සුසිල්

0
306

මෙවර උසස්පෙළ විභාගය පැවැත්වීම ප්‍රමාදකිරීමට සිදු වුවද විභාගයේ ප්‍රමිතිය කිසිදු ආකාරයකින් අඩු කිරීමක් නොකරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.

කොවිඩ් වසංගතය හමුවේ අවසන් වරට පාසල් වසා දැමූ දිනය වන විට විෂය නිර්දේශය කොතෙක් දුරට ආවරණය කර තිබුණේද යන්න තහවුරු කර ගැනීම සදහා මේ වන විට පළාත් මට්ටමින් සමීක්ෂණයක් සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සදහන් කලේ සමගි ජන බලවේගයේ මන්ත්‍රි හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රහ්ණයකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here