පාකිස්තාන බුද්ධි සේවාවේ රහස් වැඩ ගැන හෙළිදරව්වක්.

0
379

ලන්ඩනයේ සිදුකෙරෙන ඝාතන තැතක් පිළිබද නඩු විභාගයක දී පකිස්තාන බුද්ධි සේවාව වන අයිඑස්අයි හි රහසිගත මෙහෙයුම් පිළිබද අනාවරණය වී තිබේ.

ලන්ඩන් අධිකරණයේ පැවැත්වෙන මෙම නඩුව නෙදර්ලන්තයේ වෙසෙන පාකිස්තාන ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුගේ ඝාතන තැතකට අදාළ වේ.

අහමඩ් වකාස් නම් මොහු පාකිස්තානය සහ එරට හමුදාව විසින් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආන්දෝලනාත්මක සහ විවේචනාත්මක අදහස් ගණනාවක් පළකර තිබිණ.

මෙම තැනැත්තාව නෙදර්ලන්තයේ දී ඝාතනය කිරීමට තැත් කර තිබූ අතර ඒ සම්බන්ධ සැකකරැවකු ලන්ඩනයේ දී අත්අඩංගුවට ගෙන ඊට අදාළව නඩු විභාගයක් ආරම්භ කර තිබේ.

මෙම නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතන තැත පාකිස්තාන ආරක්ෂක බුද්ධි සේවාවේ අනුග්‍රහයෙන් සිදුවූවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here