9 වෙනිදට සුනාමියක්?

0
514
Huge powerful wave.

එළඹෙන 09 වැනිදා නැවතත් රට වටෙන්ම කොලඹට සෙනඟ කැඳවා ජන සුනාමියක් ඇති කරන බවට එල්ල වී ඇති තර්ජන මත තමන් කරන්නේ කුමක්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විසින් ප‍්‍රශ්ණ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකදීය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් භයානක අනතුරු ඇඟවීමක් කර ඇති බවත් 09 වෙනදා කොළඹ දේශපාලඥයන් පන්නා දමන බවට ඔහු තර්ජනය කර ඇති බවත් මන්ත්‍රීවරුන් පිරිස පෙන්වාදී ඇත.

මේ හේතුවෙන් තමන් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රශ්න කර ඇති අතර විරෝධතා කරුවන්ට පහර දෙන්න ද නැතිනම් හැංගෙන්නදැයි දැයි පැහැදිලි පිළිතුරක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙන්වා දී ඇත්තේ කලබල වීමට දෙයක් නැති බවත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර පියවර ගෙන ඇති බවත් ය.

එදිනට විශාල සෙනගක් කොළඹට පැමිණෙන තත්ත්වයක් මේ වන විට නැති බව ද බුද්ධි අංශ විසින් සහතික කර ඇති බවද අමාත්‍යවරයා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here