නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තාවක්?

0
515
ROHINI-KAVIRATHNA

මීළඟ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ තමන් හමුවූ මන්ත්‍රීවරුන් පිරිසකට අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දුන් බවයි.

පාර්ලිමේන්තුව මැයි 17 වැනි දින රැස්වූ විට නියෝජ්‍ය කථානායකවරයකු පත් කරගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට මෙම අවස්ථාව ලබාදෙන ලෙස තමන් පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය නියෝජ්‍ය කතානායකවරිය ලෙස තේරී පත්වීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here