තලේබාන් චීන සබදතා පළුදු වෙයි

0
450
Taliban forces patrol in front of Hamid Karzai International Airport in Kabul, Afghanistan, September 2, 2021. REUTERS/Stringer - RC2NHP9X1F0R

චීනය ඇෆ්ගනිස්ථානය වෙත ආයෝජන හෝ ආධාර ලබාදීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඒ ඔවුන් චීනයේ ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඇති කැපවීම ඉටු නොකිරීම හේතුවෙනි බව පැවසේ.

චීනයේ ආරක්‍ෂක අවශ්‍යතා ආරක්‍ෂා කිරීමට එරට අන්තර්වාර රජය අපොහොසත් වීම නිසා චීනය ඇෆ්ගනිස්‌ථානයට ඉතා ප්‍රවේශමෙන් සැලකීමට පටන් ගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

චීනය පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 31 ක් වටිනා ආධාර ඇෆ්ගනිස්තානය වෙත ලබා දී ඇති අතර එයට ආහාර සැපයුම් සහ කොරෝනා වයිරස් එන්නත් ඇතුළත් වේ.

මේ වසරේ ජුනි මාසයේදී ඇෆ්ගනිස්ථානයට බලපෑ රිච්ටර් මාපක 6.1 ක භූමිකම්පාවෙන් පසුවද චීනය ඩොලර් මිලියන 7.5 ක් වටිනා මානුෂීය ආධාර චීනය විසින් ඇෆ්ගනිස්තානය වෙත සපයා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here