තලේබාන් විරෝධී කාන්තාවන්ට ගම්මිරිස් කුඩු ප්‍රහාර

0
513

තලේබාන් සටන්කාමීන් විසින් ඔවුන්ට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන කාන්තාවන්ට පහරදීම , ඔවුන්ගේ මුහුණුවලට ගම්මිරිස් ප්‍රහාර එල්ල කිරීම සහ විදුලි උපකරණවලින් කම්පනයට පත් කිරීම ආදී දරැණු මර්දනකාරී ක්‍රියාවන් සිදුකරන බව වාර්තා වේ.

ඇතැම් කාන්තාවන්ට තර්ජනාත්මක ඇමතුම් සහ කෙටි පණිවිඩ ලැබී ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක හිරිහැර සිදුවන බවත් පැවසේ.

මේ අතර , සුප්‍රසිද්ධ ක්‍රියාකාරිනියන් දෙදෙනෙකු පසුගිය ජනවාරි 19 දා සිය නිවසේ සිටියදී පැහැර ගැනීමට ලක් වූ අතර පැහැර ගැනීමට දින තුනකට පෙර මෙම කාන්තාවන් දෙදෙනාම තලේබාන්වරුන්ට එරෙහිව වීදි බැස විරෝධතා දැක්වූ අය බව සදහන් වේ.

මෙම තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සිය දැඩි විරෝධය පළ කර ඇතත් තලේබාන් සංවිධානය ඒ සම්බන්ධයෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නැතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here