ඇෆ්ගනිස්තානයේ තැන තැන බෝම්බ පිපිරීම්වල ඉහළයාමක්.

0
340

ඇෆ්ගනිස්තානයේ විවිධ ප්‍රදේශවල සිදුවන බෝම්ම පිපිරීම් ජනවාරි මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

මෙහි ආසන්නතම පිපිරීම පසුගිය 28 වනදා දකුණු හෙල්මාන්ඩ් ප්‍රාන්තයේ නැඩ් අලි දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහිදී පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

හේරාට් ප්‍රාන්තයේ හේරාට් හි දී මිනි බස් රථයක් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පසුගිය 22 වනදා පුද්ගලයන් 07 දෙනෙකු මියගිය අතර ඉන් තිදෙනෙකුම කාන්තාවෝ වූහ.

මීට දින කිහිපයක‍‍ට පෙර නන්ගහාර් හි දී ද ගෑස් ටැංකියක අටවා තිබූ බෝම්බයක් පුපුරා ගිය අතර එහිදී ළමුන් නවදෙනෙකු පමණ මියගියහ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ තලේබාන් පාලනය හමුවේ රටේ ආරක්ෂාව මේ වනවිට සීඝ්‍ර බිද වැටීමකට ලක්වෙමින් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here