Friday, September 20, 2024

ලොව අසතුටුම ජනතාව ඇෆ්ගනිස්තානයේ

ලොව නොසතුටින් ජිවත්වන පුද්ගලයින් සිටින රටවල් අතරින් ඇෆ්ගනිස්තානය පෙරමුණට පැමිණ ඇත.

Gallup’s Negative Experience දර්ශකය අනාවරණ කර ඇත්තේ තලෙයිබාන් පාලනයට නතුවීමෙන් අනතුරුව ඇෆ්ගනිස්තානය අස්ථාවරත්වයට මෙන්ම අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටී ඇති බවයි.

ඒ අනුව දරිද්‍රතාවය, රැකියා වියුක්තිය හා කෝපය වැනි තත්ත්වයන් යටතේ ඇති වන මානිසක ආතතිය හා ව්‍යාකූලතා හේතුවෙන් ලොව නොසතුටින් ජිවත්වන පුද්ගලයින් සිටින රටවල් අතරින් ඇෆ්ගනිස්තානයට පෙරමුණ හිමිවන බව Gallup’s Negative Experience දර්ශකය පෙන්වා දී ඇත.

එහි දත්තවලට අනුව ඇෆ්ගනිස්තානයේ සමස්ථ ජනගහනයෙන් සියයට 80 ක ප්‍රතිශතයක් ජීවත් වන්නේ පීඩා එල්ල කිරීම් සහ බාධා මධ්‍යයේයි.

දරිද්‍රතාවය සහ විරැකියාව හේතුවෙන් තවත් සියයට 74 ක පමණ ප්‍රතිශතයක් මානසික ආතතියෙන් පසුවන බව ද Gallup’s Negative Experience දර්ශකය මගින් නිරූපනය කරයි.

ඇෆ්ගනිස්තාන වැසියන්ගෙන් සියයට 61 ක් පමණ කණස්සල්ලෙන් පසුවන බව අදාළ දර්ශකය අනාවරණ කර ඇත.

2021 වසරේදී ඇෆ්ගනිස්තානය තුළ දුක, කනස්සල්ල සහ ආතතියෙන් පීඩා විඳින පුද්ගලයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එරට වෙසෙන පුද්ගලයින්ගෙන් සියයට 53 ක ප්‍රතිශතයක් රටින් පිටවීමට අපේක්ෂාවෙන් පසුවූ බව ද Gallup’s Negative Experience දර්ශකය පෙන්වා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles