තලේබාන් නියෝජිත පිරිසට නෝර්වේහි දී විරෝධයක්.

0
683

ජාත්‍යන්තර ප්‍රජාව සමග සාකච්ඡා කිරීම සදහා නෝර්වේහි ඔස්ලෝ නුවරට පැමිණ සිටින ඇෆ්ගනිස්තානයේ තලේබාන් ආණ්ඩුවේ නියෝජිතයන්ට විරෝධය පළකරමින් විරෝධතායක් පවත්වා තිබේ.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නෝර්වේහි වෙසෙන සහ යුරෝපයේ වෙනත් රටවල සිට එහි පැමිණි විදේශගතව ජීවත්වන ඇෆ්ගනිස්තාන ප්‍රජාව විසිනි.

නෝර්වේ, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක නියෝජිතයන් හමුවීම සදහා ඇෆ්ගනිස්තානයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මොටර්ජිගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් මේ වනවිට ඔස්ලෝනුවරට පැමිණ සිටිති.

මෙම පිරිසට විරෝධය දැක්වීම සදහා එක්ව සිටි ඇෆ්ගනිස්තාන ඩයස්පෝරාව සදහන් කළේ වත්මන් තලේබාන් ආණ්ඩුව ඇෆ්ගනිස්තානයේ ජීවත්වන සියලු ජනකොටස් නියෝජනය කරන්නක් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here