Tuesday, October 22, 2024

ඉන්දියාවේ වෛරී ප්‍රකාශ පතුරන්නෙකු ගැන හෙළිදරව්වක්

මුස්ලිම්වරුන්ට සහ හින්දුවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ රැඩිකල්වාදී ලෙස අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අලි සොහරාබ් නමැත්තා ඉන්දියාව තුළ් තවදුරටත් වාර්ගික අර්බුද උත්සන්න වන අයුරින් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටින බව වාර්තා වෙයි.

වාර්ගික අර්බුද නිර්මාණය කිරීමට දරණ ප්‍රයත්නය හේතුවෙන් ට්විටර් සමාගම මීට පෙර ඔහුට අයත් ට්විටර් ගිණුම් 09 ක් අවලංගු කර තිබේ.

ඊට අමතරව අලි සොහරාබ් විසින් ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් හරහා විශාල වශයෙන් වාර්ගික අර්බුදය ඉස්මතු වන පරිදි ප්‍රචාර සිදුකරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ඇතැම් ප්‍රකාශවලින් ඉන්දීය ව්‍යවස්ථාව විවේචනය කර ඇති බව ද එරට ඩිජිටල් අධිකරණ වෛද්‍ය පර්යේෂණ සහ විශ්ලේෂණ මධ්‍යස්ථානය අනාවරණ කර ඇත.

අලි සොහරාබ් නමැත්තා මේවනවිට සිය 10 වන ට්විටර් ගිණුම පරිහරණය කරමින් සිටින අතර ඒ හරහා ඔහු සිදුකරන ප්‍රචාර වර්ගවාදී ස්වභාවයක් ගන්නා අතර ඒවා සාමාන්‍ය ජනතාව නොමග යැවීම වෙනුවෙන් වාර්ගික වෛරය ඉස්මතුවන බවත් පැවසේ.

සිය ට්විටර් ගිණුම් හරහා අලි සොහරාබ් නමැත්තා විසින් තමන් හඳුන්වනු ලබන්නේ බියට පත් මාධ්‍යවේදියෙකු ලෙසයි.

එහෙත් වෛරී ප්‍රකාශ නිකුත් කරමින් අදාළ පුද්ගලයා ඉන්දියාවේ ජනවාර්ගික සමගියට දැඩි බලපෑමක් එල්ල කරන බව ද වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles