ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ දැවැන්ත වෙනසක්

0
324

කලින් ත්‍රස්තවාදී මර්මස්ථානයක් වූ ජම්මු සහ කාශ්මීරය වර්තමානයේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසා තිබේ.

ජම්මු-කාශ්මීරය වෙත දින 3 ක සංචාරයක් සඳහා පැමිණ ඇති ෂා ශ්‍රීනගර් හි රුපියල් කෝටි 2,000 ක පමණ සංවර්ධන ව්‍යාපෘති 240 ක් දියත් කිරීමට කටයුතු කළේය.

ෂා, ජම්මු සහ කාශ්මීරයේ බැරමුල්ලා හි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීම සදහා මුල්ගල් තැබූ අතර ප්‍රදේශයේ මහජන රැස්වීමක් ද ඇමතූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය..

සිය දේශනයේදී මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ පිර් පන්ජාර් සහ චෙනාබ් කඳුකර සහ කාශ්මීර නිම්නය ලෝකයේ සුන්දරම ප්‍රදේශ අතර වන බවයි.

ජම්මු සහ කාශ්මීරයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කරන ලද සංවර්ධනය පැහැදිලිවම කලාපයේ ජනතාවගේ ප්‍රීතිමත් මුහුණු තුළින් පිළිබිඹු වන බව ද ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මීට පෙර, කලාපය පාලනය කළ පවුල් තුන කලාපයේ සංවර්ධනය සඳහා වෙහෙස මහන්සි වී වැඩ නොකළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here