පකිස්තානයේ ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ.

0
611

පකිස්තානයේ ලාහෝර් නගරයේ දී ජනමාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එරට ප්‍රධාන මාධ්‍ය ආයතනවල‍ට සම්බන්ධ මාධ්‍යවේදියෙකු වන හස්නයින් ෂායි.

ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී යතුරැ පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථය අවහිර කොට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බව එරට වාර්තා පවසයි.

පකිස්තානය මේ වනවිට ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු රටක් බවට අන්තර් ජාතික මාධ්‍ය සංවිධාන ගණනාවක් විසින් නම්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here