බැසිල් පාර්ලිමේන්තුවෙන් එලවා දමන්න යයි!

0
633

ඊයේ (18) සවස පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම යෝජනාව සඳහා රැස්වීමට පැමිණ සිටි සියලු පක්ෂ නායකයින්ගේ ඒකමතික කැමැත්ත හිමි වූ බවටයි වාර්තා වන්නේ.

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට අවසර හිමි වූයේ ද මෙම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහායි.

යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සහමුලින් අහෝසි කළහොත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වී යනු ඇති.

මේ හැරුණු විට ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසකටත් සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ අවදානමක් ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here