Tuesday, October 22, 2024

ජර්මනිය, ජපානය, ඉන්දියාවට ජෝ බයිඩන් ගෙන් විශේෂ සහායක්

ප්‍රතිසංස්කරණය කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයක (UNSC ) ස්ථිර සාමාජිකයන් ලෙස ජර්මනිය, ජපානය සහ ඉන්දියාව සිටිය යුතු බවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහාය දෙන බව ධවල මන්දිරය පවසා තිබේ.

ජර්මනිය, ජපානය සහ ඉන්දියාව ආරක්‍ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් විය යුතුය යන අදහස වෙනුවෙන් එක්සත් ජනපදය ඓතිහාසිකව සහ දිගටම පෙනී සිටින බව ඇමරිකාවේ මතය බව විදෙස් වාර්තාවල දැක්වේ.

මීට පෙර, ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ සිය දේශනයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රතිසංස්කරණය කිරීමට තම කැපවීම අවධාරණය කරනු ලැබීය.

වර්තමාන ලෝකයේ අවශ්‍යතාවලට වඩා හොඳින් ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි ආයතනය වඩාත් ප්‍රතිසංස්කරණය විය යුතු බව ඇමරිකාවේ අදහස බව ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles