Saturday, December 28, 2024

Blue Ocean Venture වෙතින් ව්‍යවසායකයින්ට බිලියන දෙකක අරමුදල්

ශ්‍රී ලංකේය අංකූර ව්‍යවසායකයන් සඳහා රුපියල් බිලියන 02ක වටිනාකමින් යුතු අරමුදල් ලබාදීමට BOV (Blue Ocean Venture) CAPITAL සංවිධානය කටයුතු යොදා ඇත.ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ කාර්යාල පිහිටි BOV CAPITAL සංවිධානය ව්‍යවසාය ප්‍රාග්ධන සංවිධානයකි. දේශීය අංකූර ව්‍යවසාය ඉලක්ක කරගත් මෙරට ප්‍රථම අරමුදල සම්පාදනය කරනු ලබන්නේ මේ සංවිධානය මඟිනි.

ප්‍රජීත් බාලසුබ්‍රමනියම් ,එරික් වික්‍රමනායක සහ රාජන් ආනන්දන් යන ප්‍රකට ආයෝජකයින් සහ මෙරට කීර්තිමත් ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් පිරිසක් මුදල් ආයෝජනය කරන මේ සංවිධානය ප්‍රධාන වශයෙන් තාක්ෂණික ක්ෂේත්‍ර යේ අංකූර ව්‍යවසාය කෙරෙහි අවධානය යොමුකර තිබේ. කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද ව්‍යාප්ත කළ හැකි සමාගම් කෙරෙහි විශේෂ අවධානය යොමුකර තිබේ.

මෙරට අංකූර ව්‍යවසායකයන් සඳහා කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අවස්ථාවන් උදා කිරීම සඳහා සහයෝගය ලබාදීම අරමුණ ඇතිව රුපියල් මිලියන 100 සිට රුපියල් මිලියන 200 දක්වා ආයෝජන සිදු කරමින් ආරම්භක අවධියේ පසුවන ව්‍යවසායකයින් සමඟ සමීපව කටයුතු කිරීමට මෙම සංවිධානය කටයුතු කරනු ලැබේ.මෙරට ප්‍රථම ව්‍යවසාය අරමුදල ලෙස රුපියල් බිලියන 02ක් ඉලක්ක කරගෙන තිබේ. මෙහි පළමු කොටස වශයෙන් රුපියල් මිලියන 600ක් සතුකර ගෙන ඇත. ඉන්දියාවේ හා සිංගප්පූරුවේ ප්‍රමුඛ සහ සංවිධානයේ ප්‍රාරම්භක සාමාජිකයිගෙන් හිමිවේ.

පසුගිය වසර කිහිපය පුරා මෙරට අංකූර ව්‍යවසායකයන්ගේ පිබිදීමක් දැක ගත හැකිවූ අතර එවැනි පසුබිමක් තුළ තාක්ෂණික ව්‍යවසාය සඳහා පුළුල් සහභාගිත්වයක් සහ අධීක්ෂණය ලබා දීමට තීරණය කළ බව ලංකන් ඒන්ජල් නෙට්වර්ක් ආයතනයේ නිර්මාතෘ ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා කීය.එතුමා ජාත්‍යන්තර සබඳතා කණ්ඩායම් ගොඩනැගීම අලෙවි හා වෙ‍ෙළඳ යන අංශයන් වල අරමුදල් රැස් කිරීමට ආදී ක්ෂේත්‍රවල කටයුතු කළ අයෙකි. මෙරට ව්‍යවසායකයෙක් වීමට කලින් වසර ගණනාවක් එක්සත් රාජධානිය,ජපානය, ඕස්ට්‍රේලියාව,ආදී රටවල ව්‍යාපාරික කටයුතු වල ඒ මහතා නියැළී සිට තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles