Friday, September 20, 2024

රාජ්‍ය සේවයේ දීමනා ඉහළට! වගා ඉඩම් හිමියන්ට මුදල්..! බදු සහන රැසක්..! BREAKING

රාජ්‍ය සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් සමග වගාකරුවන්ට හදිසි සහන කිහිපයක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

සියළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා වූ සියලුම බදු අද සිට ඉවත් කර ඇත.

අද දිනයේ සිට සෑම මසකම රජයේ සේවකයි සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවයි මුදල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම පර්චස් 20 සිට අක්කරයක පමණ වගා ඉඩම් හිමියන්ට මසකට රුපියල් දසදහසක් සහ පර්චස් 20ට අඩු ගෙවතුවගා කරුවන්ට රුපියල් 5000ක් ලබාදීමට තීරණය කර ඇත.

මිට අමතරව සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා ද තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් ලබාදීමට යෝජනා කර ඇත.

එමෙන්ම ගොවීන් සඳහා වී කිලෝවකට රුපියල් 75ක මුදලක්, වතු කම්කරුවන් සඳහා තිරිඟු පිටි කිලෝ 15ක් දක්වා කිලෝවක් රුපියල් 80/-ක මිලට ලබාදීමටත් තීරණ ගෙන ඇත.

ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සඳහා විශේෂ ආර්ථික පැකේජයක් හඳුන්වා දීම වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles