සටන් විරාමය මැද නෙළන තිරිඟු අස්වැන්න

0
1313

වසරක් පුරා පැවති ඉන්දු-පකිස්තාන දේශසීමා සටන් විරාමය සාමකාමී වාතාවරණයක් නිර්මාණය කර ඇති හෙයින් ජම්මු සහ කාශ්මීරයේ ජාත්‍යන්තර දේශසීමාවේ තිරිඟු අස්වැන්න නෙළීම ආරම්භ වී තිබේ.

ජම්මු සිට කිලෝමීටර් 55 ක් පමණ දුරින් පිහිටි ගොල්පටන් චිනෝර් ප්‍රදේශයේ දේශසීමාවේ අක්කර 2300 ක භූමි ප්‍රමාණයක මෙලෙස අස්වනු නෙළීම ආරම්භ කර ඇත.

පෙබරවාරි 25 දා හමුදා දෙකම ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය, ජම්මු සහ කාශ්මීරයේ ෂෙල් වෙඩි ප්‍රහාරවලට නිරන්තර බියෙන් ජීවත් වූ දේශසීමා වැසියන් අතර සාමකාමී අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු යළි පණ ගන්වා ඇත.

ජම්මු සහ කාශ්මීර රජය විසින් මෙහෙයවනු ලබන මෙම ගොවිපල, කලාපයේ විශාලතම ගොවිපලවලින් එකකි.

මෙහි අක්කර 200 ක භූමි ප්‍රමාණයක ඕට්ස්, අර්තාපල්, අබ සහ වෙනත් භෝග ද වගා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here