Saturday, September 21, 2024

BRICS-BIMSTEC සමුළුවක් ඇරඹෙයි

චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව යන රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් BRICS සමුළුව 8 වැනි වතාවටත් ඇරඹෙයි.

මෙම දෙදින සමුළුවට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයන් මේ වනවිටත් ඉන්දියාවේ, ගෝව වෙත පැමිණ සිටින බව විදෙස් වාර්තා පවසයි.

සාමාජික රටවල් අතර යහපත් සබඳතාවක් පවත්වා ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවට පෙර

එමෙන්ම, මෙවර BRICS සමුළුව සඳහා BIMSTEC රටවල රාජ්‍ය නායකයන්ටද ආරාධනා කරමින්, ප්‍රථම වරට BRICS-BIMSTEC සමුළුවක් පැවැත්වීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය යන රටවල් BIMSTEC නියෝජනය කරන අතර, එය තවත් SAARC සමුළුවක් වශයෙන්ද සැලකෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles