Thursday, January 23, 2025

සිනමා පටයක් ගරන තොරතුරු – Capernaum

Capernaum 2018 දී තිරගත වුණු, Nadine Labaki අධ්‍යක්ෂණය කළ ලෙබනන්හි නිපදවුණු චිත්‍රපටියක්.  මේ බේරූට් නගරයේ ජීවත් වෙන දොළොස් හැවිරිදි පිරිමි ළමයෙක් වටා ගෙතුණු කතාවක්. සේන් තම දරුණු, හිංසාකාරී පවුලෙන් නික්මෙන්නේ ඒ කරදර දරාගන්න බැරිම තැන. ඉන්පස්සේ එයාට මුණගහෙනවා නීති විරෝධී විදිහට ඒ රටේ කුඩා දරුවෙක් එක්ක ජීවත්වෙන ඉතියෝපියානු කාන්තාවක්. විවිධාකාර කරදර බාධක වලට මුහුණ දෙන සේන් අන්තිමේදී දරුණු අපරාධයකට හිර භාරයට පත්වෙනවා. හිරේ ඉන්දැද්දී එයා පුදුම සහගත දෙයක් කරනවා. ඒ තමයි තමන්ව ලෝකයට ගෙනාවාට එයාගේ දෙමව්පියන්ට නඩු පවරන එක.

මේ චිත්‍රපටියෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ ලෝකය පුරාම ඇතිවන යුද්ධ සහ වෙනත් විවිධ ගැටුම්, වැඩිහිටියන්ගේ වැරදි තීරණ, අක්‍රමවත් පාලන ක්‍රම ආදී හැම දෙයක්ම නිසා වඩාත්ම පීඩාවට පත්වන්නේ කුඩා දරුවන් බව. Capernaum හි විශේෂත්වය තමයි ඒකෙ ප්‍රධාන චරිත රඟපාන වැඩි දෙනෙක් නළු නිලියන් නොවීම. සේන් ගේ චරිතය අති දක්ෂ විදිහට රඟපාන Zain Al Rafeea බේරූට් නගරයේ වාසය කළ සිරියානු සරණාගත දරුවෙක්. චිත්‍රපටියේ දෙබස් හැඩගැස්වීමට ඔහු සරණාගත කඳවුරු වල වාසය කිරීමේදී ලැබුණු අත්දැකීම් ඇසුරෙන් දායකත්වයත් ලබා දුන්නා ලු. මේ චිත්‍රපටියේ සේන් ඇතුළු අනෙත් නළු නිලියන්ගේ, විශේෂයෙන්ම ළමුන්ගේ- බොහොමත්ම තාත්වික රඟපෑම නරඹන්නා තුළ ඇතිකරන්නේ තදබල කම්පනයක්.
සේන් වැනි කුඩා දරුවන්ට සමාජයේ තමන්ගේ පැවත්ම වෙනුවෙන් වයසට වඩා වැඩියෙන් මුහුකුරා ගිය විදිහට හැසිරෙන්නට සිදුවීමත්, ඒ කටුක බව ඇතුළත දැල්වෙන මනුෂ්‍යත්වයේ කුඩා එළි තිතත්, නොසැලෙන ගුණයත් මේ චිත්‍රපටියෙන් අපූරු විදිහට නිරූපණය වෙනවා.
Capernaum චිත්‍රපටිය 2019දී Best Foreign Language Film එකට හිමි Academy සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වගේම ඒක තවත් විවිධ සම්මාන විශාල ප්‍රමාණයකට නිර්දේශ වීමත්, සම්මාන රාශියක් හිමිකරගෙන තිබීමත් පුදුමයක් නෙමෙයි.
Capernaum චිත්‍රපටයේ නැරඹුවාට පස්සේ ඒකෙ එන සේන්, සහාර්, යෝනාස් වගේ දරුවන් ලෝකය පුරා කොයිතරම් විසිරිලා ඇතිද යන සිතිවිල්ල ගෙන එන්නේ ගැඹුරු රිදුමකි.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles