තලේබාන් සංවිධානයට නීත්‍යානුකූල පිළිගැනීමක් ලබා නොදන බවට නෝර්වේ රාජ්‍යයෙන් සහතිකයක්.

0
614

ඔස්ලෝහි පැවැත්වෙන තලේබාන් සංවිධානය සහ බ‍ටහිර රටවල් අතර වන සාකච්ඡාවල අරමුණ තලේබාන් සංවිධානයට නීත්‍යානුකූල පිළිගැනීමක් ලබානොදීම බව නෝර්වේ විදේශ අමාත්‍ය ඇනිකෙන් හුයිට්ෆෙල්ඩ් පවසයි.

ඔහු සදහන් කරන්නේ තලේබාන් සංවිධානයට පිළිගැනීමක් ලබා නොදුන්නද මේ වනවිට ඇෆ්ගනිස්තානය පාලනය කරන ඔවුන් සමග සාකච්ඡා කිරීම අනිවාර්ය කරැණක් බවයි.

එය ඇෆ්ගනිස්තාන‍ ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු කටයුත්තක් බව ද ඔහු පෙන්වා දී තිබේ.

නෝර්වේ විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වයට පත් නෝර්වේ රාජ්‍යය විසින් තලේබාන් පාලනයට අන්තර්ජාතික පිළිගැනීමක් ලබාදීමට උත්සහ කරන බවට නැගෙන විවේචනවලට පිළිතුරක් ලෙසිනි.

නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඔස්ලෝ නුවර දී තලේබාන් පාලනයේ නියෝජිතයන් සහ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, සහ යුරෝපා සංගම් රටවල නියෝජිතයන් අතර වන සාකච්ඡාවක් ‍සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here