Ceylon Tea නමින් කසළ තේ තොගයක් අපනයනය කිරිමට තැන්කල පුද්ගලයකු ගමිපොළ දී STF නිලධාරීන්ගේ අත්අඩංගුවට

0
349

Ceylon Tea නාමයෙන් අපනයනය කිරීම සඳහා වෑන් රථයකින් නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව සිලොන් tea නමින් කසල තේ ප්‍රවාහනය කල පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දවුලගල පොලිස් වසමේ බූවැලිකඩ, කැටකුඹුර හන්දිය අසල දී සිදුකරන ලද වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහි දී කසළ තේ කිලෝ ග්‍රෑම් 6000 ක් හා වෑන් රථය සමග බූවැලිකඩ පදිංචි වයස අවු. 34 ක් වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දවුලගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here