CEYPETCO ඉන්ධන මිලත් ඉහළ දමයි

0
359

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ ඉන්ධන මිල ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මෙසේ ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඉන්ධන මිල වැඩිවීමේ විස්තර පහතින් බලන්න.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 254ක් වනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 76 කින් ඉහළ නංවා තිබෙන අතර එහි නව මිල රුපියල් 284ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 55කින්.එහි නව මිල රුපියල් 176ක් වෙි. එහි සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 254ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here