CEYPETCO තෙල් මිල වැඩි කරන්න අදහසක් නෑ – ඇමතිත් කියයි

0
254

සිපෙට්කෝ තෙල් මිල වැඩිකිරීමට දැනට අදහසක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමත් ඩොලරයේ අගය ඉහළ යාමත් ආදී කරුණ ගණනාවක් හේතුවෙන් රට තුළ ඉතා දුෂ්කර තත්ත්වයක් මතුව ඇතත් හැකිතාක් එම පීඩනය ජනතාවට නොදීමට රජය උත්සාහ කරන බව අමාත්‍යවරයා කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

”සිපෙට්කෝ එක තෙල් මිල වැඩි කිරීමේ අදහසක් නෑ. ඒත් අපි පිළිගන්න ඕන ලෝක වෙළදපොලේ දිගින් දිගටම තෙල් මිල වැඩි වීමත් සමග වසර 8 ක ඉතිහාසයේ තිබුණු වැඩිම ඉන්ධන මිල දැන් තියෙන්නේ.

එක පැත්තකින් වසර අටක් පුරාවටම තියෙන වැඩිම ඉන්ධන මිල අනෙක් පැත්තෙන් මීට කලින් මේ මිලට බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඩොලරය තිබුණේ මීට වඩා හුඟක් අඩුවෙන්.

ඩොලරය තිබුණේ රුපියල් සීයට වගේ. ඒ නිසා මේ ඩොලරය වැඩිවීමයි ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වීමයි දෙකම නිසා අපි අතිශයින්ම දුෂ්කර තැනක ඉන්නේ. අපි පුළුවන් තරම් දුරට මේ පාඩුව ජනතාවට ලබා නොදෙන්න උත්සාහ කරනවා.” යැයි ද බලශක්ති ඇමතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here