CEYPETCO මිල LIOC මිලටත් වඩා වැඩි කරනවා

0
286

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා ඉන්දීය ඔයිල් සමාගමට වඩා වැඩි අගයකින් ඉන්ධන මිල වැඩිකරන බවට ප්‍රකාශ කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරනවා.

පවතින අර්බුද හමුවේ සිපෙට්කෝ ඉන්ධන මිලද නැවත වරක් ඉහළ ගියහොත් එය රටේ සියලු ජනතාවටම බලපාන කරුණක් වනු ඇති බව විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේය.

මේ අතර ජනතාවට නිසිවේලාවට ඉන්ධන, විදුලිය ආදි අත්‍යවශය සේවා සැපයීම ආණ්ඩුවක් විසින් අනිවාර්යෙන්ම ඉටුකළ යුතු වගකීමක් බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එරාන් වික්‍රමරත්න මහතා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here