Friday, September 20, 2024

චීනය තායිවානයට එරෙහි ඉලෙක්ට්‍රොනික් යුද්ධයක නියැලෙන බවට හෙළිදරව්වක්.

චීනය විසින් තායිවානයට එරෙහිව ඉලෙක්ට්‍රොනික් යුද්දයක් සිදුකරමින් ඇති බව තායිවාන ජාතික ආරක්ෂක පරීක්ෂණ ඒකකය සදහන් කර ඇත.

එහි ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක සූ යූන් පවසා ඇත්තේ වරින් වර තායිවාන ගුවන් සීමාවට ප්‍රහාරක යානා යොමු කරමින් චීනය සිදුකරන්නේ එහි කොටසක් බවයි.

ඒ හරහා තායිවානයේ ගුවන් ආරක්ෂණ පද්ධති සහ රේඩාර් පද්ධතිවල ශක්‍යතාවන් අධ්‍යනය කරන බවත් එය එක්තරා ආකාරයකට යුද ක්‍රියාමාර්ගයක් බවටත් තායිවාන වි⁣⁣ශ්ලේෂකයා පෙන්වා දී තිබේ.

චීනය විසින් සිය ගුවන් යානා යොදාගෙන තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම මෑතකදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් චීන ගුවන් යානා 200ක් පමණ තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles