න්‍යෂ්ටික සබ්මැරීන ගණුදෙනුවක් සම්බන්ධයෙන් චීනය රටවල් තුනක් සමග ගැටුමක

0
421
A view shows the submarine "Le Terrible" whilst at sea during a visit by French President Emmanuel Macron to the vessel, July 4, 2017. Picture taken July 4, 2017. REUTERS/Fred Tanneau/Pool - RC136050EBB0

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ඕස්ට්‍රේලියාවට සැපයීමේ සැලැස්ම සම්බන්ධයෙන් චීනය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේදී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාවෙන් සමන්විත (AUKUS) සන්ධානයේ රටවල් වෙත විරෝධය පළ කර තිබේ.

අදාළ රටවල් තුනෙන් සමන්විත AUKUS සන්ධානය පසුගිය වසරේ නිවේදනය කළේ ඕස්ට්‍රේලියාව අවම වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන අටක්වත් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එක්සත් ජනපදය, රුසියාව, චීනය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය හැර න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමේ (NPT) කිසිදු පාර්ශවයකට න්‍යෂ්ටික සබ්මැරීන සතුව නොමැත.

න්‍යෂ්ටික සබ්මැරීනවලට සාම්ප්‍රදායික යාත්‍රාවලට වඩා වැඩි කාලයක් ජලය යට රැඳී සිටිය හැකි බව ද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here