Saturday, January 18, 2025

චීනය පකිස්තානයේ මාධ්‍ය හැසිරවීමේ වෑයමක.

චීනය විසින් පකිස්තානයේ ජනමාධ්‍ය හැසිරවීමේ වෑයමක නිරත වන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

වොෂින්ටන් ටයිම්ස් වාර්තාවක දැක්වෙන්නේ, පකිස්තානය තුළ බටහිර මාධ්‍යවල ක්‍රියාකාරීත්වය අවම කිරීමත්, පකිස්තානයේ මහජන මතය නිරීක්ෂණය සහ හැසිරවීමත් මෙහි මූලික අරමුණ බවයි.

ඒ අනුව දැනටමත් චීන පකිස්තාන මාධ්‍ය සංසදය , චීන පකිස්තාන මාධ්‍ය කොරිඩෝව ආදී නම්වලින් සංවිධාන පිහිටුවා ඇති බව එම වාර්තා වේ දැක්වේ.

චීනයේ සෘජු අනුග්‍රහය ලබන එම සංවිධානය මගින් දෙරටේ සුබසිද්ධියට අදාළව කටයුතු කරන බවටත්, දුස් තොරතුරු හදුනාගෙන ප්‍රතිචාර දැක්වීම සිදුකරන බවටත් ප්‍රකාශ කළත් එහි සැබෑ වැඩපිළිවෙළ සහ අරමුණ වෙනස් එකක් බව වොෂින්ටන් ටයිම්ස් වාර්තාවේ සදහන්‍ වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles