චීනයට දරුණු ජල හිගයක්.

0
740

චීනයේ දකුණු දිග ප්‍රදේශවල පිහිටි දැවැන්ත නගර ගණනාවක් දරුණු ජල හිගයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ ගුවන්ෂු සහ ෂෙන්චෙන් යන නගර මෙසේ දරුණු ජල හිගයකට මුහුණ දී ඇති බවයි.

නියගය හේතුවෙන්, මෙම නගරවලට මූලිකව ජලය සපයන ගුවන්ඩොන්ග් පර්ල් ගංගාවේ අතුගංගාවල ජලය හිගවීම මෙම තත්වයට බලපා ඇති බව පැවසේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ පවතින තත්වය තුළ ප්‍රවේශමෙන් ජලය පරිහරණය කරන ලෙස එම නගරවල ජනතාවට දැනටමත් දැනුම් දී ඇති බවයි.

දැනට බලපා ඇති මෙම ජල හිගය ඉදිරි මාස කිහිපයේදී තවත් උග්‍ර වනු ඇති බව ද අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here