චීනයෙන් රූපවාහිනී නාට්‍ය වාරණයක්.

0
580
A giant screen shows Chinese President Xi Jinping singing the national anthem during a flag-raising ceremony at the event marking the 100th founding anniversary of the Communist Party of China, on Tiananmen Square in Beijing, China July 1, 2021. REUTERS/Carlos Garcia Rawlins - RC2CBO9GXFUU

රූපවාහිනී නාට්‍ය ඉලක්ක කරගෙන චීනය විසින් දැඩි නීති රීති සහ වාරණ ක්‍රමවේදයන් හදුන්වාදීමට යන බව වාර්තා වේ.

එරට රජය විසින් රූපවාහිනී නාට්‍ය ඉලක්ක කරගත් සංවර්ධන සැලැස්මක් පසුගියදා එළිදක්වා ඇති අතර එමගින් රූපවාහිනී කතා මාලාවන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගත යුත්තේ මාතෘභූමිය හා වීරයන් වර්ණනා කිරීමට සහ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් රට පාලනය කිරීම පිළිබඳ තේමාවන් ප්‍රවර්ධනය කිරීම‍ට බව සදහන් කර ඇතැයි පැවසේ.

නීතිවිරෝධී සහ සදාචාර විරෝධී ක‍ටයුතුවල නිරත වන කලාකරුවන්ට රූපවාහිනී නාට්‍යවල පෙනී සිටීම තහනම් කිරීමට ද මෙමගින් පියවර ගෙන තිබේ.

රංගන ශිල්පීන්ගේ ගෙවීම් සදහා ද මෙමගින් සීමා පනවා ඇති අතර එහිදී ඔවුන්ගේ මුළු ගෙවීම් ප්‍රසංගයක නිෂ්පාදන පිරිවැයෙන් සියයට 40 නොඉක්මවිය යුතු බවත් ප්‍රධාන රංගන ශිල්පීන්ගේ ගෙවීම් සමස්ත රංගන ශිල්පීන්ගේ මුළු ගෙවීම්වලින් සියයට 70 නොඉක්මවිය යුතු බවත් දක්වා ඇතැයි චීන වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here