චීන-ඉන්දියා දේශසීමා තත්ත්වය ස්ථාවර බව ‘සන්’ කියයි

0
366

චීන-ඉන්දියාව දේශසීමා තත්ත්වය මේ මොහොතේ ස්ථාවරව පවතින බව  චීන උප විදේශ අමාත්‍ය සන් වීඩොං පවසයි.

ඔහු චීනයේ ඉන්දීය තානාපති ප්‍රදීප් කුමාර් රාවට් හට පවසා ඇත්තේ දෙපාර්ශ්වයම දුරදිග බලා ද්විපාර්ශ්වික සබඳතා පුළුල් හා දිගු කාලීනව පවත්වා ගැනීම කළ යුතු බවයි.

දේශසීමාවේ තත්ත්වය දැනට ස්ථාවර බැවින් ඉන්දියාව සහ චීනය දෙරටේ නායකයන් අතර වැදගත් සම්මුතියක් ක්‍රියාත්මක කළ යුතු අතර, සන්නිවේදනය ශක්තිමත් කළ යුතු බව සන් පැවසු බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සන් වීඩොං, වසර තුනක කාලයක් ඉන්දියාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් පසු නොවැම්බර් මාසයේදී චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරයට පත් විය.

සන් පසුගිය ජනවාරි 18 වන දින චීනයේ ඉන්දීය තානාපති ප්‍රදීප් කුමාර් රාවට් හමුවී චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වැනි ජාතික සම්මේලනයේ වැදගත්කම පිළිබඳව ඔහුට විස්තර කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here