ලොව විශාලතම ජනමාධ්‍යවේදීන්ගේ සිරගෙය චීනය බවට චෝදනාවක්.

0
750

ලොව ජනමාධ්‍යවේදීන් වැඩිම පිරිසක් රදවාගෙන සිටින රාජ්‍යය චීනය බවට චෝදනාවක් නැගී තිබේ.

දේශසීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය හෙවත් ආර්එස්එෆ් සංවිධානය සදහන් කරන්නේ මේ වනවිට අවම වශයෙන් ජනමාධ්‍යවේදීන් 127 දෙනෙකුවත් චීනය විසින් රදවාගෙන සිටින බවයි.

සංවෙිදී කරැණු පිළිබද වාර්තාකරණයේ නිරතවීම යන චෝදනාව යටතේ මොවුන් මෙළෙස අත්අඩංගුවට ගෙන රදවා ඇතැයිද එම සංවිධානය නිකුත් කළ වාර්තාවන දැක්වේ.

මේ අතර එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ චීනය විසින් එරට වෘත්තීය ජනමාධ්‍යවේදීන් දැඩි පාලනයකට යටත් කර ඇති බවයි.

සෑම ජනමාධ්‍යවේදියෙකුටම එරට කොමියුනිස්ට් පාලනය යටතේ මාධ්‍ය හැසිරවිය යුතු ආකාරය සම්බන්ධයෙන් පැය 90 ක පුහුණු කාලයක් අනිවාර්ය කර ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here