ආර්ථික බලහත්කාරය පිළිබද චීනයට චෝදනාවක්

0
300
Chinese flag in beijing tiananmen square

ගෝලීය බලවතෙකු ලෙස නැගී සිටීමේ ප්‍රයත්නයක නිරත වී සිටින චීනය, තම අරමුණු සහ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ආර්ථික බලහත්කාරය භාවිතා කරන බවට විශ්ලේෂකයන් පිරිසක් චෝදනා කර තිබේ.

චීනය විවිධ ව්‍යාපාර සහ ‍ලොව පුරා ආණ්ඩු වෙත පණිවිඩයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ තමන්ට පිළිගත නොහැකි ලෙස පියවර ගන්නේ නම් එය මූල්‍ය ප්‍රතිවිපාකවලට හේතු විය හැකි බවයි.

චීනයේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන අවස්ථාවලදී චීනයේ අවශ්‍යතාවලට සංවේදී වන පාර්ශවයන් සීමා මායිම් ඉක්මවා යාම වැළැක්වීමට මෙම බලහත්කාර භාවිතය සාර්ථක වන බව Geo-Politik වෙබ් අඩවිය වාර්තා කර ඇත.

විදේශ සම්බාධක විරෝධී නීතිය මෙන්ම පුලුල්ව පැතිරුනු වර්ජනයන් සහ වෙළඳ සහ සංචාරක සීමා කිරීම් වැනි මෑතදී ස්ථාපිත කරන ලද ආරක්ෂක ආර්ථික පියවරයන් භාවිතා කිරීම චීනයේ උපාය අතර වන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here