යුක්රේන යුද්ධය චීනයට ගල් අගුරු වාසියක්

0
537

මේ වසරේ මාර්තු සහ අප්‍රේල් අතර කාලය තුළ රුසියාවෙන් චීනය සිදුකළ ගල් අඟුරු ආනයනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ, එම ගල්අඟුරු ආනයනය මෙට්‍රික් ටොන් මිලියන 4.42 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සීඑන්එන් පුවත් සේවය වාර්තා කරන ආකාරයට රුසියාව පසුගිය වසරේ සිට චීනයේ දෙවන විශාලතම ගල්අගුරැ සැපයුම්කරු ලෙස ඕස්ට්‍රේලියාව ද අභිබවා ගොස් තිබේ.

රුසියාව සිය සමස්ත ගල්අඟුරු ආනයනයෙන් මාර්තු මාසයේදී සියයට 14ක් චීනයට සපයා ඇති අතර පසුගිය මස එය සියයට 19 ක් දක්වා වැඩිවී ඇත.

එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) ඇතුළු බටහිර ජාතීන් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාව ඉලක්ක කර සම්බාධක පනවා සිටියදී පවා මෙම වාර්තාගත මිලදී ගැනීම සිදු වී තිබීම විශේෂත්වයකි.

එම සම්බාධක නොතකා හැර රුසියාවෙන් ගෑස්, ගල් අඟුරු, තෙල් සහ අඩු මිලට තිරිඟු ආනයනය කිරීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් චීනය උපරිම ප්‍රයෝජන ගෙන, වානේ කම්හල්වල භාවිතා කරන කෝකිං ගල් අඟුරු සඳහා රුසියාව විසින් ලබා දෙන විශාල වට්ටම් ලබා ගනිමින් සිටින බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here