චීනයේ ගල් අඟුරු ධාරිතාව වර්ධන‍යෙන් ලෝකයේ දේශගුණික බලපෑම් ඉහළ‍ට

0
632

බලශක්ති හිඟයට එරෙහිව පිළියම් ලෙස චීනය ගල් අඟුරු මත යැපීම වර්ධනය කිරීම හේතුවෙන් දේශගුණික බලපෑම් අවම කිරීමේ ඔවුන්ගේ අභිලාෂයන් සදහා දැඩි අහිතකර බලපෑම් එල්ල වනු ඇති බව වාර්තා වේ.

චන්ද්‍රිකා දත්ත යොදාගෙන සිදුකර ඇති නව විශ්ලේෂණයන්ට අනුව චීනය ගල් අඟුරු ව්‍යාපෘති වැඩි කිරීම හේතුවෙන් ඇති වී තිබෙන දේශගුණික බලපෑම් අභ්‍යවකාශයේ සිට පවා පැහැදිළිව දැකිය හැකි බව පැවසේ.

මාර්තු 1 වන දින චීනයේ ප්‍රාන්තයක් වන අභ්‍යන්තර මොංගෝලියාවේ ගල් අඟුරු ආකරයක් ආශ්‍රීතව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ සෙන්ටිනල්-5 පී චන්ද්‍රිකාව මගින් ලබා ගත් සේයාරෑවලින් මීතේන් තට්ටුවක් ඇති බවට ද අනාවරණය කරගෙන ඇත.

රුසියාවේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන බලශක්ති මිල ආර්ථික වර්ධනයට තර්ජනයක් වී ඇති බැවින් ජනාධිපති ෂී ජින්පින්ගේ උපදෙස් මත චීනය ගල් අඟුරු මත යැපීම වර්ධනය කර තිබේ.

ඒ අනුව චීනය විසින් පසුගිය මාසයේදී ඩොලර් බිලියන ගණනක වැය වන නව ගල් අඟුරු ආකර ව්‍යාපෘති තුනක් ඇති කිරීමට ද අනුමැතිය ලබාදෙනු ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here