චීනය සොලමන් දූපතත් ගිලියි ද?

0
503
A Chinese flag is seen in front of the Friendship bridge over the Yalu River connecting the North Korean town of Sinuiju and Dandong in China's Liaoning Province, April 1, 2017. REUTERS/Damir Sagolj

සොලමන් දූපත් සහ චීනය අතර අත්සන් තබා ඇති ආරක්ෂක ගිවිසුමක් හේතුවෙන් එහි තීරණාත්මක කටයුතු රැසක් චීනය අතට පත්වීමේ ඉඩකඩක් ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඔවුන්ගේ කනස්සල්ල පළකර ඇත්තේ, එමගින් ඉන්දු-පැසිෆික් කලාපය තුළට චීන හමුදාව ඇතුළුවන බව දක්වමිනි.

ගිවිසුමෙන් ඉන්දු පැසිෆික් කලාපයේ චීනයේ යුධ ක්‍රියාකාරකම් වැඩිවීම , කලාපය අස්ථාවරවීම මෙන්ම සොලමන් දූපත් චීන හමුදා සඳහා උපායශීලී නැවතුම්පොළක් ලෙස ද භාවිතා කිරීම සිදුවිය හැකි බව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සදහන් කරයි.

පසුගිය මාර්තු 24 වනදා සොලමන් දූපත් සහ චීනය මෙම ආරක්ෂක ගිවිසුම අත්සන් කර ඇති අතර ඕස්ට්‍රේලියාව බිය ගැන්වීම සඳහා සොලමන් දූපත්වල නාවික කඳවුරක් ඉදිකිරීම චීනයේ අභිප්‍රාය බව ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් චෝදනා නගා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here