බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ටික්ටොක් ගිණුමට චීන සමාගමකින් අරමුදල් !

0
315

චීන සමාගමක් වන Overseas Economic Cooperation ලිමිටඩ්, විසින් බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ TikTok ගිණුමට අරමුදල් සපයනු ලැබ ඇතැයි වාර්තා වේ.

චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් සපිරීමටත් අතර දෙරට අතර රබර් සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කිරීමටත්, චීන-ලංකා සබඳතා වැඩි දියුණු කිරීමේ පියවරක් ලෙසත් මෙය සිදු කර ඇති ද සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

පසුගියදා එම ටික්ටොක් ගිණුම ආරම් කිරීමේ උත්සවය අමතමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සංචාරක කටයුතු පිළිබඳව චීන ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම ගිණුම ඉවහල් වනු ඇති බවයි.

ටික්ටොක් චීනයේ වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන අතර ලොව පුරා බිලියන 2.4 ක පමණ ජනතාවක් එය පරිශිලනය කරන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here