Sunday, September 8, 2024

චීන විදේශ ඇමතිගේ සංචාරයට එරෙහිව මියන්මාරය පුරා විරෝධතා

චීන විදේශ අමාත්‍ය Qin Gang ගේ සංචාරයට එරෙහිව මියන්මාරය පුරා චීන විරෝධී පෙළපාලි දක්නට ලැබුණු අතර මිලිටරි රජය සමඟ බීජිං සහභාගී වීම පිළිගත නොහැකි බවට පැහැදිලි පණිවිඩයක් ඉන් ලබා දුන් බව Mekong News පවසයි.

චීනයේ පිටුබලය ලබන මතභේදයට තුඩු දී ඇති තඹ ආකරයක් පිහිටා ඇති Sagaing කලාපයේ Letpadaung හි උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් Qin Gang ගේ ඡායාරූපවල සහ චීන ජාතික ධජ ගිනි තබමින් විරෝධය පළ කළහ.
ග්වේ, යැංගෝන්, මැන්ඩලේ සහ සාගයිං හි අනෙකුත් ප්‍රදේශවල ද එවැනිම විරෝධතා පැවැත්විණි.
“ෆැසිස්ට් අපරාධකරුවන්ට සහාය දීම” නවත්වන ලෙස සහ ” මියන්මාර ජනතාවගේ හඬට ගෞරව කිරීම” සඳහා බීජිනයෙන් ඉල්ලා සිටින බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් ඊට එක්ව සිටියහ.
චීන රජය ප්‍රසිද්ධියේ මිලිටරි ජුන්ටාවට සහාය දෙන තාක් කල්, ජනතාව මියන්මාරයේ පමණක් නොව, මියන්මාර ඩයස්පෝරාවේ සහාය ඇතිව විදේශයන්හි ද චීන විරෝධී විරෝධතා පවත්වමින් සිටින බව Mekong News පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles