චීනයේ හැෂ්ටැග් යුද්ධයක්

0
579
The logo of Sina Corp's Chinese microblog website "Weibo" is seen on a screen in this photo illustration taken in Beijing September 13, 2011. A stream of warnings in state media has exposed how nervous Beijing is about the booming microblogs and their potential to tear at the seams of party censorship and controls. Despite the jitters, Beijing is extremely unlikely to close microblogs, and is instead exploring ways to tame the medium so it remains a useful forum for monitoring opinion, but stays within the ultimate grip of authorities. Picture taken September 13, 2011. To match analysis CHINA-INTERNET/ REUTERS/Stringer (CHINA - Tags: POLITICS SCIENCE TECHNOLOGY BUSINESS LOGO) - GM1E79G0WAV01

චීනයේ සමාජ මාධ්‍යයක් වන Weibo හි හැෂ් ටැග් හරහා ඇමරිකානු විරෝධී සහ චීන පක්ෂපාතී ලෙසින් ප්‍රචාරණ යුද්ධයක් සිදුවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන රාජ්‍ය මාධ්‍යවල මැදිහත්වීමෙන් Weibo හි ඇමරිකානු විරෝධී සටන්පාඨ ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති අතර පසුව, Weibo භාවිතා කරන්නන් චීන ප්‍රතිපත්ති කෙරෙහි ඔවුන්ගේ අතෘප්තිය සහ උපහාසය ප්‍රදර්ශනය කරමින් නව පළ කිරීම් මගින් එම ප්‍රකාශ යටපත් කර ඇති බව සදහන් වේ.

චීන මාධ්‍ය ආයතනයක් වන CCTV විසින් ආරම්භ කරන ලද එවැනි එක් හැෂ් ටැග් එකක් මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාව නරකම රට ලෙස හඳුන්වා තිබූ අතර එම හැෂ් ටැගය Weibo හි මිලියන 580 කට අධික පිරිසක් නරඹා තිබුණි.

චීනයේ කොවිඩ් ප්‍රතිපත්තියට ප්‍රහාර එල්ල කරමින් අදහස් පළ කිරීම යටපත් කිරීම සදහා චීන රාජ්‍ය මාධ්‍ය විසින් ඇමරිකාවට බැන වදින වෙනත් හැෂ් ටැග් වෙත යොමු වී ඇති බව ද පැවසේ.

ඒ අනුව“කොවිඩ්-19 ඇමරිකානු ජෛව සමාගම්වලට සම්බන්ධ යැයි සැක කෙරේ” යන හැෂ් ටැගය ප්‍රවණතාවක් බවට පත් වී තිබූ බව ද එරට වාර්තා කියයි.

කෙසේ වෙතත්, පසුව Weibo භාවිතා කරන්නන් රාජ්‍ය මාධ්‍ය විසින් ආරම්භ කරන ලද හැෂ් ටැග් ෂැංහයි හි සිදුවීම් හෙලිදරව් කිරීමට සහ නගරයේ කොවිඩ්-19 පැතිර යාම වැළැක්වීමට කටයුතු නොකිරීම පිළිබඳව චෝදනා කිරීමට භාවිතා කරන්නට යොදා ගෙන ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here