CIA LOCKDOWN ALERT…!

0
1173

තවත් දිස්ත්‍රික් කිහිපයක ග්‍රාම සේවා වසම් 07ක්  මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා කරන බවයි.

එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර ඇත.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම රත්නපුර, කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර ඇත. 

මෙම ප්‍රදේශවල පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම හුදෙකලා කිරීම් සිදුකර ඇති බවත් මහජනතාව ගම්මාන තුලින් පිටවීමට හෝ ගම්මාන තුළ සංචරණ සීමා කොට ජනතාවට සිය නිවෙස් තුලටම වී සිටින ලෙස යුද හමුදාපතිවරයා මෙහිදී  මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here