CIA LOCKDOWN ALERTS…

0
790

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් අද (04) උදෑසන සිට හුඳෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. පහත දැක්වෙන ස්ථාන ඒ අනුව වසා දමා ඇත.

• ගම්පහ දිස්ත්‍රික්කයේ, කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙනිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත

• නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්රි ග්‍රාම නිලධාරී වසම,

• නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත

• රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම,

• රත්නපුර දිස්ත්‍රික්කයේ, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසම

• කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ , විල්ලෝරවත්ත ග්‍රාම නිලධාරි වසම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here