කසකස්තානයේ උද්ඝෝෂණවලට විදේශයන්ගෙනුත් ඇවිත්

0
562

කසකස්තාන‍යේ පසුගියදා සිදුවූ විරෝධතා සදහා විදේශයන්හි සිට පැමිණි අන්තවාදී කල්ලි සාමාජිකයන් පිරිසක් ද සම්බන්ධ වී සිට ඇති බව හෙළිවී තිබේ.

ඇෆ්ගනිස්තානයට සහ පකිස්තානයට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදී කල්ලි සාමාජිකයන් පිරිසක් සාමකාමී උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී කැරැල්ලක් බවට පරිවර්තනය කිරීමට දායක වී ඇති බව පැවසේ.

ආරක්ෂක විශේෂඥයන් අනාවරණය කර ඇත්තේ , මෙම පිරිස නගරවල සටන්කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලැබූ පිරිසක් බවයි.

ගෑස් මිල ඉහළයාම ඇතුළු හේතු කිහිපයක් පදනම් කරගෙනයි කසකස්තානයේ පසුගියදා හටගත් විරෝධතා පසුව ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත්තේය.

එය පාලනය කිරීම සදහා රුසියාවෙන් පවා විශේෂ හමුදා කණඩායමක් කැදවනු ලැබූ අතර එහිදී පුද්ගලයන් 160 ක් පමණ මියගිය අතර තවත් දහස් ගණනක් තුවාල ලැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here