පාකිස්තාන බැංකු පද්ධතියේ දූෂණ වංචා ඉහළට

0
736
Pakistan Prime Minister Imran Khan. (File Photo: XINHUA/IANS)

ගෙවුණු 2021 වර්ෂයේදී පෙර වසරට සාපේක්ෂව පකිස්තානයේ බැංකු පද්ධතියේ දූෂණ සහ වංචා ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

එරට වාර්තාවක දැක්වන්නේ 2020 වර්ෂයට වඩා 2021 වර්ෂයේ දී පකිස්තානයේ බැංකුවලට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව සියයට සියයට 46 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

2020 වසරේ දී මෙලෙස ලැබුණු පැමිණිලි 21,360ක් විභාග කර රුපියල් මිලියන 598ක සහනයක් පාරිභෝගිකයන් වෙත ලබා දී ඇති අතර 2021 දී ඉදිරිපත් කරන ලද පැමිණිලි පැමිණිලි 32,592 ක් විමර්ශනය කර රුපියල් මිලියන 709 ක සහනයක් ගනුදෙනුකරුවන් වෙත ලබාදී ඇති බව ද ස්ටේට්ස්මන් පුවත්පත වාර්තා කර තිබේ.

බැංකු පැමිණිලි පිළිබඳ දත්ත ඇතුළත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ මේ දිනවල පකිස්තානයේ පවතින දරුණු ආර්ථික පසුබෑම හමුවේ බැංකු පද්ධතිය ආශ්‍රිතව සිදුවන වංචනික ක්‍රියා ඉහළ ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here