Credit Card ගෙවීම් සම්බන්ධයෙන් නව නීතියක් පනවා නැහැ – මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති

0
302

ණය කාඩ්පත් (Credit Card) හරහා ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නීතියක් හඳුන්වා දී නොමැති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන T.M.J.Y.P ප්‍රනාන්දු පවසනවා. දැනට පවතින නීතිය අනුව ණය කාඩ් පතක් භාවිතා කළ හැක්කේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට පමණක් බවයි ඇය සඳහන් කළේ. වෙළඳාමක් සඳහා අවශ්‍ය භාණ්ඩ හෝ සේවා ලබා ගැනීම වැනි කටයුතු සඳහා ණය කාඩ්පත් භාවිතා කළ නොහැකි බවද ඇය ප්‍රකාශ කළා. කෙසේ නමුත් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට භාණ්ඩයක් අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේදී, ණය කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමට කිසිම බාධාවක් නොමැති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here