පකිස්තානයේ අපරාධ රැල්ල ඉහළට

0
346

පකිස්ථානය සිය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අරගල කරන අතර තුර රට තුළ අපරාධ වැඩිවෙමින් පවතී.
රටේ පුරවැසියන්ට දෛනික අත්‍යාවශ්‍ය දෑ සපයා ගැනීමට නොහැකිව මිනිසුන් අතර කුසගින්න වැඩිවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අධ්‍යාපන ආයතන තුළ ඇති වන කලකිරීමේ සහ අසතුටේ ප්‍රතිඵලයක් ලෙස පිරිමි සහ ගැහැණු ළමයින් යන දෙඅංශයෙන්ම තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට පත්වෙමින් තිබේ.
ආහාර අර්බුදයක්, රුපියල අවප්‍රමාණය වීම, විදුලිය හිඟය සහ ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වෙමින් පවතින බැවින් පාකිස්තානය මේ වන විට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකටයි.
වීදි අපරාධවල වැඩිවීම, වැඩෙන අසමානතාවය, දරිද්‍රතාවය සහ විරැකියාව යන ප්‍රශ්න වලින් පැන නගින පකිස්තානයේ සමාජයේ ගැඹුරු ව්‍යාකූලත්වයේ සෘජු ප්‍රතිඵලයකි.
කරච්චි හි කොල්ලකරුවන් 34 දෙනෙකුගේ ජීවිත බිලිගෙන 150 දෙනෙකුට තුවාල සිදු කර ඇති අතර මෝටර් රථ, යතුරුපැදි සහ ජංගම දුරකථන උදුරා ගැනීමේ සිද්ධීන් සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ඇත.
රාවල්පිණ්ඩි ප්‍රදේශයේ පවා වීදි අපරාධ ඉහළ මට්ටමක පවතින අතර පුද්ගලයන් 29 දෙනෙකුට ජීවිත ද යතුරුපැදි, ජංගම දුරකථන 42ක් සහ රුපියල් ලක්ෂ 35කට අධික රන් ආභරණ අහිමි වූ සිද්ධීන් 89ක් පොලීසියට වාර්තා වී ඇති බව ඩෝන් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here