Friday, January 10, 2025

දයාසිරි CID යට…

දයාසිරි ජයසේකර අද CID යට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, පසුගියදා තිළිණි ප්‍රියමාලි හසු වූ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ලයිස්තුවේ ඔහු නම සඳහන් කිරීමට එරෙහිවයි.

ඊට අදාළ වාර්තාව පහතින්,

ඇය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේලාගෙන් කෝටි ගණනක් වංචා කළ කාන්තාවක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

අදාල කාන්තාව වංචා කළ මුදල් ඉල්ලූ විට ගණුදෙනුකරුවන් සමඟ අයුතු ලෙස හැසිරීමට ප්‍රසිද්ධ නිළියන් යොදාගත් බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා.

එම කූඨ ජාවාරමේ සියලුම විස්තර සොයා ගැනීමට ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම සමත්විය.

ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම සම්මාන ලැබූ ජනමාධ්‍යවේදීන් පිරිසකගෙන් සමන්විත වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ මතවාදයකට සම්බන්ධ නොමැති ශ්‍රී ලංකාවේ එකම ස්වාධීන ගවේෂණශීලී මාධ්‍යවේදීන් පිරිසකි.

මෙහිදි අවදානයට යොමු වුයේ මෙම වංචාවට සම්බන්ධ පිරිස් සහ හසුවූ පිරිස් සමාජය ඉදිරියේ අනාවරණය කිරීමයි.

මෙම පරීක්ෂණයට විවිධ තොරතුරු මුලාශ්‍ර කර ගත් අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු ඇසුරින් ඒවා සනාථ කර ඇති බව සඳහන්.

මෙම වංවාව සිදු කළ කාන්තාව තිළිණි ප්‍රියමාලි නැමැත්තියකි. ඇය සමාජයේ ඉහළ ස්ථරයේ බවට පෙන්වමින් තම සැමියා සමඟ මෙම වංචාව සිදු කර තිබුණා.

එමෙන්ම ඇයට ඒ සඳහා ප්‍රසිද්ධ රංගන ශිල්පිණියන් තිදෙනෙක්ද උපකාර කර තිබෙනවා.

තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම වංචාවන්වලට සෘජුවම දායක වී ඇතැයි අදාළ මාධ්‍ය කණ්ඩායම අනාවරණය කරගත්තා.

එම පිරිස් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.

මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිබෙන බව හෙළි වී තිබෙනවා.

තවද ප්‍රසිද්ධ නිළියන් තිදෙනෙක් යොදාගෙන ඇය ප්‍රකෝටිපතියන් සමඟ නොමනා අයුරින් හැසිරී, ඒවා වීඩියෝ කර ඔවුන්ගෙන් කප්පම් මුදල්ද ලබා ගෙන ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම රූපවාහිනි නිවේදිකාවක් ද ඇයගේ ව්‍යාපාරික සහකාරියක් ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

මෙම ප්‍රසිද්ධ නිළියන් තිදෙනා එම ලිංගික දර්ශන සහ සංවාද හඬපට ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් තිළිණි ප්‍රියමාලී විසින් ගෙවා තිබෙන බවත් අදාළ මාධ්‍ය කණ්ඩායම අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බවත්, මෙම සැකකාරිය සිය ව්‍යාපාර කටයුතු සඳහා ගනුදෙනුකරුවන් තුල විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ පමණක් නොව ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන්ටද තමන්ගේ සුබසාධන ව්‍යාපෘතිවලට ආරාධනා කරමින් ඊට අදාල ජයාරූප මුදල් ගෙවා මාධ්‍යවල පළකර පුළුල් ප්‍රචාරයක් ලබා ගෙන ඇති බවද වාර්තා වෙනවා.

ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම ඇය යටතේ මුදල් ආයෝජනය කළ පුද්ගලයන් ලැයිස්තුවද හෙළි කර තිබෙනවා.

එම ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයන්, නළු නිළියන් රැසක් සිටීම විශේෂත්වයක්.  

මාධ්‍යවේදියා නම් කණ්ඩායම විසින් හෙළිකර ගත් තොරතුරු අනුව මේ වන විට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා, දේශපාලඥයින්,නළු නිළියන්,වෛද්‍යවරුන්,ව්‍යාපරිකයින් ඇතුලු අංශ ගණනාවක පුද්ගලයින් 37කගේ නම් හෙළිකර තිබෙනවා.

එමෙන්ම මෙම නම් ලැයිස්තුව එම මාධ්‍යවේදියා කණ්ඩායම සතුව දැනට පවතින අතර එය ඉදිරියේදී ප්‍රසිද්ධියේ හෙළි කිරීමට ද සූදානමින් සිටීයි.

කෙසේ වෙතත් අද CIDයට පැමිණි දයාසිරි ජයසේකර නම් සඳහන් කළේ මේ වන විට සමජා මාධ්‍ය තුළ සැරිසරන ලැයිස්තුවේ ඔහු නොමැති බවත්, ඇත්ත ලැයිස්තුව යට ගහලා ඇති බොරු ලැයිස්තුව උඩට අරන් ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles