දේශසීමා ත්‍රස්තවාදය මර්දනය කරන හැටි ගැන ඉන්දියාවෙන් අදහසක්

0
262

දේශසීමා ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සදහා ගෝලීය වශයෙන් උත්සහයන් අවශ්‍ය බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසා ඇත.

ඒ, කාම්බෝජයේ පැවැති Asean ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවට එක්වෙමින්.

එහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කළේ ජාත්‍යන්තර ප්‍රජාවගේ හදිසි සහ අධිෂ්ඨානශීලී මැදිහත්වීමක් අවශ්‍ය වන බරපතලම තර්ජනය වන්නේ ජාත්‍යන්තර සහ දේශසීමා ත්‍රස්තවාදය බවයි.

ඒ අනුව ගෝලීය වශයෙන් ත්‍රස්තවාදයට ගොදුරු වූවන් සොයා ගෙන ඇති බැවින් නිහඩබව ඊට ප්‍රතිචාරයක් විය නොහැකි බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කර තිබේ.

මුදල් හුවමාරුවට හා සහායකයින් බදවා ගැනීම සදහා ත්‍රස්තවාදීන් නව තාක්ෂණය භාවිත කරමින් අන්තර් සම්බන්ධතා ගොඩ නගා ගෙන ඇති බව ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here